Nathan Wakeford

මම හිතන්නේ ශ්‍රී ලංකාවට වෙනසක්‌ අවශ්‍ය වෙනවා. තේ නිෂ්පාදන වියදම සාපේක්‌ෂව වඩා අඩු ආසියානු සහ අප්‍රිකානු රටවල් සමග ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තරඟ කිරීමට යැමේ අසාර්ථක ප්‍රතිඵල අපි මේ වන විටත් දැක තිබෙනවා. ඔබට වැඩි නිෂ්පාදන පිරිවැයක්‌ දරමින් අඩුපිරිවැය තේ වෙළෙඳපොළක ප්‍රමුඛයා වීම කළ නොහැකියි. ඒ අනුව ශ්‍රී ලංකාවට ඇති එකම තිරසාර තරගකාරී වාසිය වන්නේ ශ්‍රී ලංකා තේ නිෂ්පාදනයේ ගුණාත්මක බව කීර්තිය සහ එහි තත්ත්වය වෙනස්‌ කිරීමයි.

ශ්‍රී ලංකාව ගෙවී ගිය වසර 100 තුළ නිපදවූවාට වඩා වැඩි තේ ප්‍රමාණයක්‌ පසුගිය වසර 50 තුළ නිපදවා ඇත. එහිදී අපි වෙනත් කවර කලකටත් වඩා නව නිෂ්පාදන ක්‍රමවේදයන්, නව ක්‌ලෝනයන්, ඉතා අධික මට්‌ටමේ රසායනික පොහොර යෙදවීම්, වල්නාශක, කෘමිනාශක සහ විවිධාකාර වෙනත් කෘෂි රසායන තේ නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇත්තෙමු. එසේ වුවද, මේ මුළු කාලය පුරාම තේ නිෂ්පාදකයින්, තේ කර්මාන්තශාලා හිමියන්, තේ ගොවීන් සහ තේ අපනයනකරුවන් තම ලාභ ආන්තික පහළ වැටෙමින් පැවතීම හෝ විශාල ප්‍රමාණයේ මූල්‍යමය හානි පිළිබඳව නොනවත්වාම පැමිණිලි කර තිබේ. එක්‌ කලකදී තේ සැලකුණේ දුම්රිය මාර්ග සහ විශාල මහාමාර්ග තැනිය හැකි මෙන්ම දිවයිනේ ආර්ථික සමෘද්ධිය සඳහා මග පෙන්විය හැකි “හරිත රත්තරන්” ලෙසය. එසේ වුවද අද අපට අසන්නට ලැබෙන්නේ තේ ඇසුරුම්වල කෘමීන් සිටීම හේතුවෙන් රුසියාව හෝ ජපානය අපගේ තේ ප්‍රතික්‌ෂේප කළ බව හෝ ලංකා තේවල මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු මට්‌ටමින් කෘෂිරසායන අන්තර්ගත බව පර්යේෂණාගාර පරීක්‌ෂණ ඇසුරින් සනාථ වූ බවය. එසේම තේ සැකසුම් ක්‍රියාවලියේදී අධික ප්‍රමාණයන්ගෙන් සීනි එකතු කිරීම, ප්‍රතික්‌ෂේප කළ තේ තොග විවිධාකාරයෙන් අපයෝජනය කිරීම, පිටකොටුව තේ වෙළඳපොළ, ග්ලයිෙෆdසේට්‌ තහනම සහ තහනම ඉවත් කිරීම, සහ කවුරුත් දන්නා වෙනත් බොහෝ කතාද අද අපිට අසන්නට ලැබේ. ඒ අතර, අපි ඔස්‌ටේ්‍රලියාවේ, ඇමරිකා එක්‌සත් ජනපදයේ සහ තවත් රටවල් කිහිපයකම තේ අලෙවි කටයුතු සිදු කරන, එමෙන්ම දිගටම ලංකා තේ මිලදී ගන්නා ශ්‍රී ලාංකිකයෙකු වූ නාදන් වේක්‌ෆොඩ් මහතා හමු වුණෙමු. ඔහු ලංකා තේ ලෝලියෙකු= මෙන්ම වෘත්තීය තේ රස හඳුනාගන්නෙකි. ඔහු දශකයකට වැඩි කාලයක පටන්ම ලංකා තේ මිලදී ගන්නා අතරම එක්‌ එක්‌ වසරකදී ලංකාවෙන් මිලදී ගන්නා තේ ප්‍රමාණය වැඩි කිරීමද සිදු කරයි.

පහත දැක්‌වෙන්නේ ඔහු සමඟ අප කළ සාකච්ඡාවේ සාරාංශයකි.

01. අපට ඔබ ගැන, ඔබේ ව්‍යාපාරය ගැන, එහි ස්‌වභාවය සහ අනාගත අපේක්‌ෂාවන් ඔබ දකින ආකාරය ගැන හැඳින්වීමක්‌ කළ හැකිද?

මා ලෝක තේ ශූරතාවයේ (www.worldteachampionship.org) සමාරම්භකයෙකු මෙන්ම ප්‍රධාන විනිසුරෙකි. ඔස්‌ටේ්‍රලියානු තේ විශේaෂඥ සංගමයේ ආරම්භක සභාපතිවරයා මෙන්ම ඔස්‌ටේ්‍රලියාවේ ප්‍රමුඛ විශේෂඥ ආහාර සේවා සමාගමක්‌ වන සෝමගේ ෆයින් ෆqqඩ්ස්‌ ආයතනයේ අධ්‍යක්‌ෂවරයෙකි. ජාත්‍යන්තර තේ සමුළුවල ප්‍රධාන පෙළේ කථිකයෙකු මෙන්ම පිළිගත් තේ විශේෂඥයෙකු වන චීනයේ ගුයිචෝ පළාතේ තේ සංස්‌කෘතියේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයෙකු මෙන්ම චීන තේ වෙළඳ සංගමයේ ගෞරවණීය අමුත්තෙකි.

මීට අමතරව ජපානයේ, කොරියාවේ, ඉන්දියාවේ, චීනයේ, තායිවානයේ, ශ්‍රී ලංකාවේ, ඔස්‌ටේ්‍රලියාවේ සහ නවසීලන්තයේ කාබනික තේ වතු 150 කට අධික ප්‍රමාණයක සංචාරය කර ඇත. සම්පත් දායකයකු ලෙස මා සතු විශේෂඥ තේ දැනුම, සනාථ කර ඇත. ව්‍යාපාරික නිපුණතාවය සහ නව නිෂ්පාදන සංවර්ධනයේ සාර්ථකත්වය විවිධ ආණ්‌ඩු සංවිධානය සහ ප්‍රමුඛ පෙළේ ආහාරසේවා සමාගම් විසින් පිළිගනු ලබයි.

මා අධ්‍යක්‌ෂ ධුරය දරන සෝමගේ ෆයින් ෆුඩ් සමාගම පාරිභෝගිකයින්ට සපයන නිෂ්පාදනවල ප්‍රමිතිය ඉහළ නැන්වීම සඳහා ක්‍රියාකාරී ලෙස කටයුතු කරන, එමෙන්ම ඔස්‌ටේ්‍රලියාව තුළ විශේෂඥ තේ කර්මාන්තයක්‌ සහ නූතන තේ සේවා ක්‍රමවේද ස්‌ථාපිත කිරීම සඳහා ප්‍රධාන පෙළේ භූමිකාවක්‌ ඉටු කරනු ලබන විශේෂඥ බීම සමාගමකි. සෝමගේ සමාගම මගින් ඔස්‌ටේ්‍රලියාවේ, නවසීලන්තයේ, චීනයේ, හොංකොන්හී, කැනඩාවේ සහ ඇමරිකාවේ වෙසෙන 2500 කට අධික ආහාර සේවා පාරිභෝගිකයින් වෙත තේ, චායි, චොකලට්‌ සහ අයිස්‌ තේ බෙදාහරිනු ලබයි. එසේම සෝමගේ සමාගම තේ සමාගම්, දෙපාර්තමේන්තු ගබඩා, ආහාර නිෂ්පාදකයින්, අවන්හල්, ආපන ශාලා, හෝටල් සහ උසස්‌ ප්‍රමිතියේ වෙළඳ නියෝජිත ආයතන බොහෝ සංඛ්‍යාවක තෝරාගත් නිෂ්පාදන සහ සැපයුම් සහකරුවාය.

02. ඔබ තේ සහ සෞඛ්‍යාරක්‌ෂිත ආහාර ඇතුළු කාබනික බීම වර්ගවලට යොමු වීමට තීරණය කළේ ඇයි?

පරිසර දූෂණය සහ අපේ ආහාර සැපයුම්වල ඉහළ යන විෂ රසායන හේතුවෙන් අප ජීවත් වන ලෝකය වේගයෙන් විෂ වෙමින් පවතින බව පැහැදිලියි. ඒ හේතුවෙන් ඇති වෙන විවිධ රෝගාබාධ වේගයෙන් ඉහළ යමින් පවතිනවා. පරිසරය දූෂණය වෙමින් තියෙනවා. රසායනික පාදක කෘෂිකර්මාන්තය පරිසර දූෂණයට සැලකිය යුතු දායකත්වයක්‌ දක්‌වත්දීත් අපි අපේ සෞඛ්‍යාරක්‌ෂාව ගැන නොතකා දිගටම ඒ ඔස්‌සේ ලාභ ලැබීම ගැනම හිතන්න යනව නම් අපට මුහුණ දෙන්න වෙන්නේ භයානක ප්‍රතිපලවලටයි.

එතකොට මම අපි ජීවත් වෙන ලෝකය ගැන වගේම මගේම සෞඛ්‍යාරක්‌ෂාව සහ යහපැවැත්ම ගැනත් හිතන නිසා මට හේතුවේ නෙවෙයි විසඳුමේ කොටසක්‌ වෙන්න වුවමනායි. මම මගේ පලතුරු සහ එළවළු මිලදී ගන්නේ කාබනික ආහාර වෙළෙඳසලකින් සහ කාබනික ගොවීන්ගේ වෙළඳපොළෙන්. මම විතරක්‌ම නෙවෙයි. කාබනික ආහාර කර්මාන්තය ආලෝක පරිමාණයෙන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. එතකොට කාබනික නිෂ්පාදන අලෙවියට යොමු වීම පැහැදිලිවම මගේ ව්‍යාපාරයේ වර්ධනයටත් ඉතාමත්ම වැදගත්.

03. ඔබ ශ්‍රී ලංකා තේ මිලදී ගන්නේ කොහෙන්ද, එසේම ඔබ ඒවා සැබවින්ම සහ සත්‍ය ලෙසම කාබනික බව තහවුරු කර ගන්නේ කොහොමද?

මම මගේ කාබනික ලංකා තේ මිලදී ගන්නේ අහිංසා තේ වත්තෙන්. එය කාබනික බවට සහතික කරල තියෙනවා. ඒ තේවත්ත විගණන සහතික කිරීමක්‌ කොටසක්‌ වශයෙන් කෘමී සහ වල්පැල කළමනාකරණයට විෂ රසායන හෝ කෘත්‍රිම පොහොර භාවිත නොකරන බවට බරපතල ගණයේ පරීක්‌ෂණවලින් අනිවාර්යයෙන්ම සමත් විය යුතු බව තමයි එහි තේරුම. මම අවස්‌ථා ගණනාවක්‌ම මේ තේ වත්තට ගිහිනුත් තියෙනවා. කාබනික තේ වත්තක්‌ විෂ රසායන භාවිතා කරන තේ වත්තකින් වෙන් කර හඳුනා ගැනීම ඉතා පහසුයි. කාබනික තේ වත්තක තියෙන්නේ ක්‌ෂුද්‍ර ජීවීන් සහිත සජීවී පසක්‌. ඒ වගේම ඒවායේ අති විශාල කෘමී සතුන් ප්‍රමාණයක්‌ දකින්නට ලැබෙනවා.

04. ශ්‍රී ලංකාවේ කාබනික තේ උප ක්‌ෂේත්‍රය ගැන ඔබ සිතන්නේ කුමක්‌ද? එය මූල්‍යමය වශයෙන් සජීවීද? එයට නොනැසී පැවතිය හැකිද? සමස්‌ත ශ්‍රී ලංකාවම කාබනික තේ නිෂ්පාදනයට පරිවර්තනය කිරීමට හැකිද?

මම කලින් සඳහන් කළ ආකාරයට කාබනික කෘෂිකර්මාන්තය බටහිර රටවල දැවැන්ත ජනප්‍රියත්වයක්‌ අත්කරගනිමින් සිටින අතර පොදුවේ කාබනික සෞඛ්‍යාරක්‌ෂිත ආහාර ක්‌ෂේත්‍ර එහි වේගයෙන් පැතිර යමින් පවතිනවා. ග්‍රෑන්ඩ් වීව් පර්යේෂණ ආයතනයේ නව වාර්තාවකට අනුව 2025 වන විට කාබනික ආහාරපාන වෙළඳපොළ ඇමරිකානු ඩොලර් බිලියන 320.5 දක්‌වා වර්ධනය වන බව දක්‌වා තිබෙනවා. ඇමරිකා එක්‌සත් ජනපදය තුළ 2015 වසරේ ඩොලර් බිලියන 3.7 ක අගයක්‌ දැක්‌වූ කාබනික ආහාර අලෙවිය 2016 වන විට ඩොලර් බිලියන 47 ක වර්ධනයක්‌ පෙන්වා තිබෙනවා. ඇමරිකානු කාබනික වෙළෙඳ සංගමයට අනුව මේ වන විට කාබනික ආහාර වෙළෙඳාම සමස්‌ත ඇමරිකානු ආහාර වෙළෙඳපොළ තුළ 5%ක අගයක්‌ ගන්නවා.

චීනය සහ ඔස්‌ටේ්‍ර්‍රලියාව වැනි ධනවත් රටවල පාරිභෝගිකයින් රසායනික පොහොර යෙදූ ආහාර වෙනුවට කාබනික ආහාර මිලදී ගැනීම කරා වේගයෙන් නැඹුරු වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ පවතින ඉහළ වර්ෂාපතනය, උණුසුම් කාලගුණය සහ මධ්‍යගත භූගෝලීය පිහිටීම හේතුවෙන් එයට ආසියාවේ පිරිසිදු ආහාර නිෂ්පාදන කේන්ද්‍රය බවට පත් වීමේ සැබෑ හැකියාවක්‌ පවතිනවා.

05. ලෝකයේ අනෙක්‌ රටවල තේ නිෂ්පාදනයේ තත්ත්aවය කුමක්‌ද? ඉන්දියාව, චීනය, හෝ අප්‍රිකාවත් කාබනික තේ වගාවට පරිවර්තනය වෙමින් පවතිනවාද?

බහුතර තේ නිෂ්පාදනය තවමත් සම්ප්‍රදායික ලෙස පැවතුණත් ඉල්ලුම ඉහළ යමින් පැවතීම හේතුවෙන් කාබනික තේ නිෂ්පාදනයද ඉහළ යමින් පවතිනවා. අපේ ආහාර නිෂ්පාදනවල ඇති රසායන ද්‍රව්‍ය හේතුවෙන් ඇති වන පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු පිළිබඳව පාරිභෝගිකයින් වැඩි වැඩියෙන් දැනුවත් වීම හේතුවෙන් කාබනික ආහාර සඳහා වන නැඹුරුතාවයේ ඉහළ යැමක්‌ මිස පහළ යැමක්‌ සිදු වන්නේ නැහැ.

06. ශ්‍රී ලංකාව ලෝකයේ ග්ලයිෙෆdසේට්‌ තහනම් කළ මුල්ම රටවලින් එකක්‌ බව ඔබ දන්නා බව මට විශ්වාසයි. මේ තහනම නිසා ඔබේ ව්‍යාපාරවලට මෙන්ම සමස්‌තයක්‌ ලෙස රටේ හෝ ලෝකයේ කාබනික තේ වෙළෙඳපොළට සිදු වන යහපත් හෝ අයහපත් බලපෑම් මොනවාද?

මෙය පිරිසිදු ආහාර ප්‍රභවයක්‌ ලෙස ශ්‍රී ලංකාවට පිළි ගැනීමක්‌ ලැබීම සඳහා ශ්‍රී ලංකා රජය ගත් ඉතා ප්‍රගතිශීලී පියවරක්‌. මා සිතන ආකාරයට මේ මගින් සමස්‌තයක්‌ ලෙස ශ්‍රී ලංකාවේ සහ එහි ආහාර කර්මාන්තයේ ප්‍රතිරූපයට සහ කීර්තියට සිදුවන යහපත් බලපෑම ඉතා විශාලයි. මේ වන විට මීමැසි ගහණයේ පහළ යාමට මෙන්ම උදරය සහ බඩවැල් ආශ්‍රිත සංකූලතා සහ රෝග සමග ග්ලයිෙෆdසේට්‌ දක්‌වන පැහැදිලි සබඳතාවය පිළිබඳ ලෝක ජනමාධ්‍ය නිරන්තරයෙන් කරන හෙළිදරව් කිරීම් අපි දකිනවා.

07. එළඹෙන වසර හතර පහ ඇතුළත අපි කාබනික තේ වගාව වෙත පරිවර්තනය නොවන්නේ නම් ශ්‍රී ලංකාවේ තේ ක්‍ෂේත්‍රයේ අනාගතය කෙබඳු වේවිද?

මම හිතන්නේ ශ්‍රී ලංකාවට වෙනසක්‌ අවශ්‍ය වෙනවා. තේ නිෂ්පාදන වියදම සාපේක්‌ෂව වඩා අඩු ආසියානු සහ අප්‍රිකානු රටවල් සමග ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තරඟ කිරීමට යැමේ අසාර්ථක ප්‍රතිඵල අපි මේ වන විටත් දැක තිබෙනවා. ඔබට වැඩි නිෂ්පාදන පිරිවැයක්‌ දරමින් අඩුපිරිවැය තේ වෙළෙඳපොළක ප්‍රමුඛයා වීම කළ නොහැකියි. ඒ අනුව ශ්‍රී ලංකාවට ඇති එකම තිරසාර තරගකාරී වාසිය වන්නේ ශ්‍රී ලංකා තේ නිෂ්පාදනයේ ගුණාත්මක බව කීර්තිය සහ එහි තත්ත්වය වෙනස්‌ කිරීමයි. ඉන්දියාවේ ඩාර්ඡ්ලින් පෙදෙසේ බහුතරයක්‌ තේ වතු මේ වන විටත් කාබනික නිසා මෙය නව සංකල්පයක්‌ නෙවෙයි. එමෙන්ම ශ්‍රී ලංකා තේ සමග සසඳන විට විශේෂිත මට්‌ටමේ ඩාර්ජිලින් තේවලට ඉතා ඉහළ මිලක්‌ ලැබීමත් සාමාන්‍ය තත්ත්වයක්‌.

08. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදකයින්ට, නියාමකයින්ට සහ තේ සැකසුම්කරුවන්ට දීමට ඔබ කැමති විශේෂිත හෝ අවසන් පණිවිඩයක්‌ තිබෙනවාද?

ශ්‍රී ලංකාව අභිනවයෙන් අරඹා ඇති කාබනික තේ කර්මාන්තය නොනවත්වාම වර්ධනය කළ යුතු යෑයි මම සිතනවා. ශ්‍රී ලංකා රජය තේ නිෂ්පාදකයින්ට තායිවානයේ සහ චීනයේ පවතින තේ නිෂ්පාදන ක්‍රමවේදයන් පිළිබඳව විමර්ශනය කිරීමට වගේම කාබනික තේ වගා ක්‍රම හැදෑරීම පිළිබඳවත් නොමිලේ පුහුණුවක්‌ ලබා දීම සඳහා අනුග්‍රහය දක්‌වනවා දැකීමට මම කැමතියි. එසේම කාබනික තේ වගාවටත්, කාබනික තේ අපනයනයටත් දක්‌වන ඉහළ සහයෝගයක්‌ ලෙස කාබනික තේ නිෂ්පාදන සඳහා ආයෝජන ණය මුදල් ලබා දීම ආරම්භ කරනු දැකීමටත් මම කැමතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ahinsa Tea

For several decades, we have exerted great efforts to produce labor and nature friendly tea in Sri Lanka. The dream became a reality when Ahinsa Tea was originally produced in 1999 in a small tea estate, namely the Nilmini Estates in the southern part of Sri Lanka.

Contact

Nilmini Estates (Pvt) Ltd, Ihala Millawa, Morawaka, Sri Lanka
Phone: +94 77 317 3549

Follow Us